ප්‍රශ්න අංක 1

Visual Basic 6.0 පරිගණකයට Install කර ඇතයි සිතමින් ඉන් ඉදිරියට නිර්මාණ කටයුතු සිදුකරන අයුරු මෙහි සඳහන් කරමි. එහෙම නැත්නම් දැන්ම Install කරගන්න. මුලින්ම Visual Basic 6.0 විවෘත කරගන්න. එවිට ලැබෙන New Project Window එකේ Standard EXE තෝරා Open කරගන්න.
New Project Window
ඉන්පසු ලැබෙන නව Window එකේ ඔබට Coding කරන්න පුළුවන්. එම Window එක පහත දැක්වේ. මේකෙ තියෙන හැමදෙයක්ම මතකතියා ගන්න උත්සහ කරන්න, නැත්නම් තව ඉස්සරහට කුප්පිය Greek වගේ වේවි. ඒවගේම හැමදෙයක්ම ප්‍රායා්‍ෙගිකව උත්සහ කරන්න.
විශාල ඡායාරූප ලබා ගැනීමට රූපය මත click කරන්න
අපි බලමු පොඩි Application එකක් හඳන්න. ඒකට ඕනවෙන්නෙ Label - එකයි , CommandButton - දෙකයි TextBox - එකයි, ඔය ඔක්කොම Toolbox එකේ තියෙනවා.
      Toolbox
එහෙනම් මගේ යාළුවො මුලින්ම පහත විදියට Form එක Design කරගන්න. ඒවගේ Properties පහත විදියට Properties Explorer එකේ change කරන්න.

     Form1   Caption                       - My First Application
                    BorderStyle                - Fixed Single

     Label1   Name                          - lbl1
                    Caption                       - Hello World
                    Alignment                  - Center
                    Font                             - font size එක 30 කරන්න

     CommandButton1    Name       - btn1
                                          Caption    - View Text
     
     TextBox1                  Name        - txt1
                                        Text           - Hello World

 Form එක Form Layout භාවිතාකර Center කරගන්න.


 දැන් අපි coding කරන්න try කරමු. මුලින්ම View Text කියන Button එක උඩ Double Click කරල coding window එක open කරගන්න.
දැන් පහත code එක Button Click Event එකේ ලියන්න. තනියම උත්සහ කරන්න, බැරි දෙයක් තියේනම් comment කරන්න.
                          
                 Private Sub btn1_Click()
                       lbl1.Caption = txt1.Text
                 End Sub

මේ ටික භාවිතා කරල නිර්මානශීලි වෙනස් දෙයක් කරන්න උත්සහ කරන්න. වෙනස් Procedure වලට coding කරල බලන්න.

1 comment: